February 10, 2026

රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානින්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉක්මණින් වෙනස් කිරීමට රජය සලකාබලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවසීය.

යෝජිත වෙනස්කම් පිළිබඳව රජය දැනට සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු සතිපතා කැබිනට් තීරණ නිවේදනය කිරීමේ ජනමාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

සිදුකිරීමට නියමිත වෙනස්කම් ඉක්මණින් දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසීය.