
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංජානනීය හෘද රෝග ඇති මෙරට දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි හි අම්රිතා රෝහලේ හෘද සැත්කම් සිදුකිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බටහිර කොළඹ රොටරි සමාජය අතර ඊයේ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී. නාගරාජා එම ආයතන වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෙරට ළමුන් 1000 කට වැඩි පිරිසක් හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටිති.
මෙම පොරොත්තු ලේඛන අඩුකිරීම සහ හදිසි සැත්කම් අවශ්‍ය දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ කිරීම් මත පදනම්ව සුදුසුකම් ලත් රෝගී දරුවන් තෝරාගනු ලැබේ.
මෙය එම ව්‍යාපෘතියේ දෙවැනි අදියර වන අතර, වසර දෙකකට පෙර, ශ්‍රී ලාංකික ළමුන් 60 දෙනකු අම්රිතා රෝහලේදී සාර්ථකව හෘද සැත්කම්වලට භාජනය වී ප්‍රතිකාර ලබාගෙන තිබේ.
මෙම වැඩසටහනට සමගාමීව අම්රිතා රෝහලේදී මෙරට වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පුහුණු අවස්ථා හිමිවන අතර, නූපන් දරුවන්ගේ සංජානනීය හෘද රෝග හඳුනාගැනීම පිළිබඳ පුහුණුවක් පැවැත්වීම සඳහා ඉන්දියානු විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවටද පැමිණෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart