January 13, 2026

6 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය වටා ඇති ගැටළු සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්, 6 ශ්‍රේණියේ සිසුන් සම්බන්ධයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, 1 ශ්‍රේණියේ සිසුන් සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ මෙම වසරේ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් පැවසීය.

එසේම 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතුව ඇති ගැටලුවලට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගැනීමටත් රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.