
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහල් නුදුන්නැයි උරණව කාන්තාවක කළ පහරදීමකින් පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරිවරිය රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
පහරදීම සිදුකළ කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.
මේ දිනවල රජය මඟින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ ග්‍රාම නිලධාරිවරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart