
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන සන්ධානයේ ජාතික සංවිධායක සහ ජාතික ලැයිස්තු නාඅපේක්ෂක සුජීව සේනසිංහට අයත් වාහනය එකලස් කරන ලද එකක් නොවන බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර තිබේ.
සේනසිංහ ප්‍රකාශ කර ඇත්තේ මෙම වාහනය රජයේ රස පරීක්ෂකවරයාට භාරදුන් අතර පසුව මුදාහැරිය බවයි.
“මගේ වාහනය නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට ඔවුන් සැක කළ නිසා රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණයකට ලක් කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. කෙසේවෙතත් මගේ වාහනය සත්‍ය එකක් බව තහවුරු වූ පසු වාහනය මට ආපසු ලබා දුන්නා,” යනුවෙන ඔහු පවසා ඇත.
එල්.ටී.ටී.ඊය භාවිත කළ ඇඳුම් කිහිපයක් ඇති බවට පළ වූ වාර්තා අනුව පසුගිය සතියේ සේනසිංහගේ නිවසද සෝදිසි කළේය.
එම සෝදිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් සහ අපහාස නඩු පවරන බව ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart