
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පිහිටි පෞද්ගලික නිවෙස අසල පැවැති උද්ඝෝෂණය පිළිබඳ කිසිදු තොරතුරක් ජාතික බුද්ධි තොරතුරු සේවයට කළින් නොලැබුණු බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (18) දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම පිළිබඳ තොරතුරු බුද්ධි සේවයට කළින් ලැබුණේ නැද්දැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම ඒ බව දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවෙස අසල උද්ඝෝෂණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව කියමින් පිරිසක් විසින් පෙත්සමක් ගොනුකර ඇත.
මෙම පෙත්සමේ වගත්තරකරුවන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය හිටපු ජනාධිපති රාජපක්ෂගේ මිරිහාන පෞද්ගලික නිවෙස අසල 2020 මාර්තු 31 ප්‍රදේශයේ පිහිටි වැනිදා පැවැති උද්ඝෝෂණය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පෙත්සම්කරුවෝ පවසති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්දු වික්‍රම, එම ක්‍රියාව වැළැක්වීමට පොලිසිය ගත හැකි සියලු පියවර ගත් බව දැනුම් දුන්නේය.
අවස්ථාවේදී විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණය අමතමින්, මෙම සිද්ධිය වීමට පෙර ඒ සම්බන්ධයෙන් ජාතික බුද්ධි තොරතුරු සේවයට තොරතුරු ලැබුණේ නැද්ද යනුවෙන් විමසීය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම ඊට පිළිතුරු දෙමින්, උද්ඝෝෂණය පිළිබඳ කිසිදු තොරතුරක් ජාතික බුද්ධි තොරතුරු සේවයට ලැබුණේ නැතැයි කීය.
පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය පැවැත්වේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිඥ තීෂ්‍ය වේරගොඩ පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart