March 26, 2026

බ්ලබ් නම් ගෝල්ඩ්ෆිෂ් වර්ගයේ මාළුවකු ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ.

මාළුවකුට ගැළපෙන පරිදි සාදන ලද වාහනයක් ජයග්‍රාහී රේඛාවට ගෙන යෑම සඳහා පිහිනීම අඛණ්ඩව සිදුකිරීමෙන් බ්ලබ් මෙම වාර්තාව පිහිටුවා ඇත.

ගිනස් ලෝක වාර්තා කමිටුවට අනුව, පරිගණක ඉංජිනේරු සහ සුරතල් මසුන් හිමිකරු වන තෝමස් ඩි වුල්ෆ් සහ බ්ලබ්, ජල ටැංකියක් යොදාගෙන මාළුවාගේ චලනය හඳුනාගත් මෝටර් රථයක් භාවිත කරමින්, චලන සංවේදක වාහනයක මිනිත්තුවක් තුළ ගෝල්ඩ්ෆිෂ් මාළුවෙකු විසින් ආවරණය කරන ලද වැඩිම දුර ප්‍රමාණය සඳහා වාර්තාව ලබා ගැනීමට සමත්ව ඇත.

වුල්ෆ් තමන් නිපදවූ නව මෝටර් රථ නිපැයුම සහ ඉතාලි ගෝල්ඩ්ෆිෂ් මාළුවෙකු වන බ්ලබ්, ගිනස් ලෝක වාර්තා ඉතාලි රූපවාහිනී වැඩසටහන වන Lo Show dei Record වෙත රැගෙනවිත් තිබුණේ සත්කාරක ජෙරී ස්කොටි සහ ගිනස් ලෝක වාර්තාවිනිශ්චයකරුවකු ඉදිරියේ සිය වාර්තාව සුරක්ෂිත කිරීමටය.

“සාමාන්‍යයෙන්, මගේ රැකියාව තරමක් ඒකාකාරී, ඒ නිසා මට අවශ්‍ය වුණා මිනිසුන්ට විනෝදාස්වාදය ලබා දෙන දෙයක් නිර්මාණය කිරීමට, මගේ ‘බැරෑරුම්’ රැකියාව විනෝදජනක දෙයක් බවට පත් කිරීමට මට අවශ්‍ය වුණේ,” යනුවෙන් ඔහු ගිනස් ලෝක වාර්තා ප්‍රවෘත්ති නිවේදනයක පැවසීය.

බ්ලබ්ගේ තත්පර 60ක උත්සාහයේදී, අඩි 40යි අඟල් 3.46ක් ගමන් කළ අතර, එය ලෝක වාර්තාව තහවුරු කිරීමට අවශ්‍ය දළ වශයෙන් අඩි 16යි අඟල් 4ට වඩා බෙහෙවින් වැඩිය.

ගිනස් ලෝක වාර්තා විනිශ්චයකාරිය වන සොෆියා ග්‍රීනකර්, මෝටර් රථය විවිධ දිශාවලට ගමන් කළ ද, ප්‍රතිලෝම චලනයට අවසර දී රෝදවල වර්ණ සලකුණු බිම වැදුණු වාර ගණන ගණනය කිරීමෙන් මැනීම කටයුතු සිදු කර තිබිණි.