
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව තමාට ලැබී ඇති වාර්තාව හෙට (21දා) ප්‍රසිද්ධියට පත්කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.
එය ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ආණ්ඩුව තමාට එරෙහිව රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනා එල්ල කර අත්අඩංගුවට ගෙන වසර 14කට සිරගත කිරීමට සූදානම් වන බව පැවසා ඇති ගම්මන්පිල, තමා ද ඊට මුහුණදීමට සූදානම් බවත් සඳහන් කර ඇත.
පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව සම්බන්ධව අමාත්‍ය විජිත හේරත් මහතාමීට පෙර පැවැසුවේ රාජ්‍ය රහස් හෙළිකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව ආණ්ඩුව විධිමත් විමර්ශනයක් සිදුකරන බවත්, කිසිවකුත් කරන ප්‍රකාශ හමුවේ ආණ්ඩුව කලබල නොවන බවත් හෙතෙම කීවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී වත්මන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න සහ ෂානි අබේසේකර යන නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට සඳහන්ව ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉන්දික අනුරුද්ධ පවසයි.
එබැවින් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටුකරන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart