
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 11 දෙනකුට රුපියල් ලක්ෂ 03 ක දඩයක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කර තිබේ.
ඒ ජාතික බලසේනා සංවිධානය කොම්පඤ්ඤ වීදියේ හෝටලයක කළ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර එම ස්ථානයට නීතිවිරෝධී අයුරින් ඇතුළුවී සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා කිහිපයකට ය.
මෙම සිද්ධියට අදාළව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිස වරදකරුවන් ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
2014 වසරේ අප්‍රේල් මස 09වැනිදා මෙම සිද්ධිය සිදුවිය.
නීතිඥවරුන් විසින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර තිබේ.
අනිකුත් චෝදනා සම්බන්ධයෙන් අවවාද කර සිද්ධිය සමථයකට පත් කරගැනීමට අධිකරණය දෙපාර්ශවයට අවසර ලබා දී ඇත.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, විතාරන්දෙණියේ නන්ද හිමියන් ඇතුළු පිරිසක් මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart