
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුදේ ගමන් ගනිමින් තිබූ සවුදි අරාබියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට හවුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම හදිසි ප්‍රහාරාත්මක තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 100 ආසන්නයටම පැමිණ ඇත.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් 5%ක ඉහළ යෑමක් වාර්තා කරමින් බැරලයක මිල ඩොලර් 98.55 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම, ටෙක්සාස් (WTI) බොරතෙල් 5%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 90.37 දක්වා ළඟා වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන ආරක්ෂක හමුදා විසින් අවහිර කිරීමෙන් පසුව, සවුදි අරාබිය විකල්ප නෞකා මාර්ගයක් ලෙස භාවිත කළේ රතු මුහුද ආශ්රිත ‘බාබ් අල් මන්ඩේබ්’ සමුද්‍ර සන්ධියයි. කෙසේවෙතත්, ඉරාන හිතවාදී හවුති කැරලිකරුවන් විසින් එකී මාර්ගය ද අවහිර කිරීමට පියවර ගැනීමත් සමඟ සවුදි නෞකා මෙලෙස ප්‍රහාරයට ලක් විය.
සවුදි අරාබියෙන් ආසියානු සහ යුරෝපීය කලාප වෙත සිදුවන බොරතෙල් සැපයුම මෙලෙස අවහිර වීම හේතුවෙන් ඉදිරියේදී ගෝලීය බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බව විදේශීය ආර්ථික වි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart