
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු කළ පාපොච්චාරණයකට අදාළ වීඩියෝවක් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල හුවමාරු වීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව නීති ක්ෂේත්රයේ ප්‍රවීනයන් සිය අදහස් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළේ මෙවැනි සජීවී පාපොච්චාරණ ජනමාධ්‍ය හරහා හුවමාරු වීම නඩුවේ අවසන් ප්‍රතිඵලයට අහිතකර ලෙස බලපාන බවයි.
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව බලධාරීන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ප්‍රධානියා අවධාරණය කරයි.
“මෙය පොලිසිය පැත්තෙන් කරන අතිශය මෝඩකමක්. අපරාධ පරීක්ෂණයක් කළ යුත්තේ භ ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණින් නෙවෙයි, වෘත්තීයමය ආකාරයෙන් වැරදිකරුවකු නීතිය හමුවට ගෙන ඒමේ අරමුණින් ” යැයි සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් රජීව් අමරසූරිය ද ෆේස්බුක් සටහනක් තබමින් කියාසිටියේ සැකකරුවකුගෙන් ජනමාධ්‍ය හමුවේ පාපොච්චාරණයක් ගැනීමට යෑමේදී පොලිසියට මූලික කරුණු අමතක වී ඇති බවයි.
පොලිසියේ ක්‍රියාකලාපය නඩුව ගැටලුකාරී කරනවා පමණක් නොව ඔවුන්ගේ මූලික දැනුම හා හැකියාව ද ප්‍රශ්න කරන බව ඔහු පවසයි.
“අනෙක් අතට, එය විකාශනය නොකිරීමට ජනමාධ්‍ය වඩා හොඳින් දැන සිටිය යුතුයි. අපි කවදා හෝ මේ ක්‍රමය නිවැරැදි කර යහපත් වෙනසක් දකින්නට නම් වගකිව යුතු සියලුදෙනාට එරෙහිව නිසි පියවර ගත යුතුයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart