
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 රාජ්‍ය වෙසක් උළෙල සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූල්‍ය ආධාර ලබාගැනීමට රජය සාකච්ඡා කරමින් සිටින බව, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනයක පවසයි.
රාජ්‍ය වෙසක් උත්සවය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදෙන ලෙස ඇමැතිවරයා කළ ඉල්ලීමට චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතිය සහ කලා සංගමය එකඟ වී ඇති බව වාර්තා වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම සංගමයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චීනයට ගොස් මහායාන බුදුදහම හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලෙසද හෙතෙම එම සංගමයෙන් ඉල්ලා ඇත.
එසේම, රජය වෙසක් සතිය නිමිත්තෙන් සුරාසැල් වසා දමන අතර එම නිසා පසුගිය වසරේදී රජයට රුපියල් බිලියනයක පමණ බදු ආදායමක් අහිමි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart