
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට “මනුෂ්‍යත්වය සහ ගෞරවය” ලබාදෙන ලෙස ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක, අර්ජුන පවසන්නේ, ඉම්රාන් ඛාන් පාකිස්තානයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් පමණක් නොව කලාපය පුරා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝදෙනෙකු විසින් අගය කරන ලද චරිතයක් බවයි.
“ඉම්රාන් ඛාන් මිලියන සංඛ්‍යාත පාකිස්තානුවන්ට ආශ්වාදයක් පමණක් නොව, මම සහ තවත් බොහෝ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් අගය කළ සහ ඔහු වැන්නකු වීමට අපේක්ෂා කළ කෙනෙකු ද විය. ඔහු ක්‍රිකට් සහ දේශපාලනයෙන් ඔබ්බට ගිය කෙනෙක්. ඔහු බලාපොරොත්තුවේ සංකේතයක්, තම ජාතියේ සිහින තම උරහිස මත තබාගත් දේශප්‍රේමියෙක් සහ පාකිස්තානයේ දේශසීමාවලින් ඔබ්බට ගෞරව කරන ලද චරිතයක් විය.” යැයි අර්ජුන පවසයි.
දේශපාලනයට පිවිසීමට පෙර 1992 ක්‍රිකට් ලෝක කුසලානයේදී පාකිස්තානය ජයග්‍රහණය කරා ගෙනගිය ඉම්රාන් ඛාන්, වර්තමානයේ පාකිස්තානයේ බන්ධනාගාරගත කර ඇත.
දේශපාලන තත්වයන් නොසලකා, අනුකම්පාව ජයගත යුතු බව මෙහිදී අර්ජුන රණතුංග අවධාරණය කරයි.
“මෙම දුෂ්කර අවස්ථාවේදී, ඔහුට මනුෂ්‍යත්වයෙන් සහ ගෞරවයෙන් සලකන ලෙස මම පාකිස්තානයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි,” ඔහු පවසයි. “තත්වය කුමක් වුවත්, අනුකම්පාව පැවතීම වැදගත්. තම රට වෙනුවෙන් තම ජීවිතය කැපකළ මිනිසෙකුට නිසි සැලකිල්ල සහ සාධාරණත්වය ලබාදෙන ලෙස මම අයැද සිටිමි.”
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා නායකයා ලෙස අර්ජුන තවදුරටත් පවසන්නේ, දුෂ්කර කාලවලදී වෙනස්කම් පසෙකලා කටයුතු කළයුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart