
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා දිවිනසා ගත් දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක් වී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් 29 වැනි දින කොටහේන පොලිස් වසමේ දී සිදුවූ මෙම දිවිනසා ගැනීම සම්බන්ධයෙන් කොටහේන පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
සිදුකරන ලද විමර්ශනයේදී මෙම දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටියදී මෙලෙස දිවි හානිකර ගෙන ඇති බව පෙනීගොස් ඇත.
සිදුකළ විමර්ශන අනුව බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක් වී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් 2024.12.08 වැනි දින බම්බලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර සැකකාර ගුරුවරයා 2025.01.08 වැනි දින අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.01.10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිට පසුව ඇප මත මුදා හැර ඇත.
සැකකරු විදේශ ගමන් තහනමකටද ලක් කර ඇති බව පොලිසිය කියයි.
මීට අදාළ නඩුව 2025.05.19 වැනි දින නැවත කැඳවීමට නියම කර ඇත.
පොලිසිය පවසන්නේ දැරියගේ මරණයෙන් පසු පසුගිය මැයි 06 වැනි දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ 109 දරන හදිසි දුරකථන අංකයට තුන්වැනි පාර්ශවයක් විසින් මෙම දැරිය සහභාගි වූ උපකාරක පන්තියකදී එම ආයතනය පවත්වාගෙන යනු ලබන පුද්ගලයා විසින් දරුවන් ඉදිරියේ එම දැරිය දැඩි මානසික පීඩනයට පත්කර ඇති බවත්, ඒ හේතුවෙන් මෙම සිසුවිය සිය දිවි නසා ගැනීමට පෙළඹුණු බවටත් සඳහන් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව එම කාර්යංශය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart