
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024.06.19 වන දින නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට අයත් නිල මුද්‍රා 02 සහ බාහිර රෝගී වාට්ටුවේ නිල මුද්‍රා 01 ක් සහ ලේඛණ රැසක් සොරකම් කරන ලද රෝහල් සේවකයකු සහ ඒවා සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත ලද තොරතුරකට අනුව ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර, නුවරඑළිය මහ රෝහලේ රෝහල් සේවකයකු ලෙස කටයුතු කළ නෙල්සන් දිසානායක නැමැත්තකු (අවු.40) වන අතර, මොහු විසින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට අයත් නිල මුද්‍රා 02 ක්, වාට්ටුවේ නිල මුද්‍රා 01 ක් සහ බාහිර රෝගි පරික්ෂා කිරීමේ සහ ඖෂධ නිකුත් කිරීමේ තුණ්ඩු 200 කට ආසන්න සංඛ්‍යාවක් ද සොරකම් කර හෙරොයින් මත්ද්‍රව්‍ය සදහා තදින් ඇබ්බැහිවූවෙකුට රු.11000.00 ක මුදලකට විකුණා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම නිල මුද්‍රා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් විසින් මෙම මුද්‍රා භාවිතා කර නුවරඑළිය නගරයේ පිහිටි ෆාමසියකින් මත්පෙති ලබාගැනීමට යෑමේදී එම ෆාමසියේ කළමණාකරුට සැක සිතීම හේතුවෙන්, ක්ෂණිකව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් පසුව ඉන්දික කුමාර (අවු.23) සහ ඉන්දික ප්‍රදීප් (අවු.36) යන සැකකරුවන් දෙදෙනා ඖෂධ වර්ග කිහිපයක්, නිල මුද්‍රා 03 ක් සහ රජයේ රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ තුණ්ඩු විශාල සංඛ්‍යාවක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart