
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරීමට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් මහමැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කළහොත් මහමැතිවරණයක් පැවැත්විය හැකි බව ද ඔහු පවසා තිබේ.
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය මාරසිංහ මෙම අදහස් පළකර තිබේ.
මහ මැතිවරණයකට තවත් කල් ඇති බවත්, නීත්‍යානුකූලව මෙම් වසර ඇතුළත පැවැත්විය හැක්කේ ජනාධිපතිවරණයක් පමණක් බවත් ඔහු එහිදී පවසා ඇත.
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසුරුවාහැරිය යුතු බවට යෝජනාවක් සම්මත කළ යුතු බව ද ඔහු එහිදී පැවසුවේය.
එහෙත් මන්ත්‍රීවරුන් එවැනි යෝජනාවක් සම්මත කරනු ඇද්දැයි සැකයක් පවතින බවද ඔහු පැවැසීය.
එසේම ශ්‍රී ලංකාව ආර්ථිකයේ වත්මන් තත්ත්වය පවත්වා ගැනීම වැදගත් බව ද මහාචාර්ය ආශු මාරසිංහ එහිදී ජනමාධ්‍ය හමුවේ පවසා තිබේ.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති බවත්, මෙම තත්ත්වය දිගටම පවත්වා ගෙන යා යුතුව ඇති බවත් ඔහු පැවැසීය.
2022 දී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුම් ශේෂය රුපියල් බිලියන 885 ක් වී තිබූ බවත්, 2023 වසරේ දෙසැම්බර් 31 වන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 51ට වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart