
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෑස් ඇනහිටීම්වලට විරෝධය දක්වමින් කාන්තාවන් සිය ගණනක් පසුගිය සඳුදා (26) පාකිස්ථානයේ බහාවල්නගර් අසල රාවල්පින්ඩි මාර්ගය අවහිර කර තිබේ.
විරෝධතාවයේ නිරත කාන්තාවන් පවසා ඇත්තේ, දිවා රාත්රී දෙකේ පැය තුනක කාලයක් පමණක් ගෘහස්ථ පාරිභෝගිකයන්ට ගෑස් සපයන බවයි.
එසේම, ගෑස්වල පීඩනය ද ඉතා අඩු බව ඔවුහු පවසා තිබේ.
දිගු කලක් ගෑස් ඇනහිටීම් තිබියදීත්, මෙම මාසය සඳහා ගෘහස්ත පාරිභෝගිකයන්ට ගෑස් බිල්පත් රුපියල් 16,000 සිට 25,000 දක්වා ලැබී ඇති බව ඔවුහු පවසා ඇත.
ඒ අනුව, විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට දිස්ත්රික් පරිපාලනය අතිරේක සහකාර කොමසාරිස්වරයකු කටයුතු කර ඇති අතර, එහිදී ගෑස් සැපයීමට
එම නිලධාරියා විරෝධතාවයේ නිරත කාන්තාවන්ට සහතික වී ඇත.
ඉන් පසු විරෝධතාකරුවන් සාමකාමීව විසිර ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart