
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පසු ගංවතුරෙන් පීඩාවට පත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එකතු වූ කසළ දින 10ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් පවසයි.
කොළොන්නාව ප්‍රදේශයේ පමණක් මිශ්‍ර අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 8,000ක් පමණ එකතු වී ඇති බවත්, එම ප්‍රමාණය ආසන්න වශයෙන් දින දෙකක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.
කොටිකාවත්ත සහ මුල්ලේරියාව වැනි ප්‍රදේශවල සැළකිව යුතු කසළ ප්‍රමාණයක් එකතු වී ඇති බවත්, එය මෙට්‍රික් ටොන් 10,000ත් 12,000ත් අතර ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.
පිරිසිදු කිරීමේ කටයුතු පිළිබඳ විස්තර කරමින් හේවාවසම් පැවසුවේ බස්නාහිර පළාත් අධිකාරිය දිනකට ලොරි 100ක් පමණ යොදවමින් ඉතා සාර්ථක මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
“දින 10ක් පමණ ඇතුළත ඔවුන් මේ සියල්ල අවසන් කරයි කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් අපද්‍රව්‍ය එකතුවෙන එක අඛණ්ඩව සිද්ධ වෙනවා, මොකද සමහර නිවාස සහ ව්‍යාපාරික පරිශ්‍රවල පිරිසිදු කිරීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින නිසා. මෙය මුල් ව්‍යසනයෙන් පසුව ඇති වූ ව්‍යසනයක්.” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart