
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගනේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයා වන දික්පිටිගොඩ ලහිරුගේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්දනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රාගම පොලිස් වසමේ අංක 1101, කැන්දලියද්ද පාළුව, ගල්වල වත්ත, රාගම ලිපිනයේ කළවැටලීමකදීය.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33ක මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.
මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන “ගනේමුල්ලේ සංජීව” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන මේ වන විට විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන “දික්පිටිගොඩ ලහිරු” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා මොහු බවටයි.
මොහු 2018.12.06 වන දින ද හෙරොයින් ග්‍රෑම් 500ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart