
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (19) පෙරවරු 11.45ට පමණ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනකු බූස්ස බන්ධනාගාර රෝහල වෙත මාරුකර හැරීමට පියවර ගෙන ඇති බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මීටියාගොඩ පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් සිව්දෙනකුට බන්ධනාගාරයේ තවත් රැදවියන් පිරිසක් විසින් පහර දී තියුණු ආයුධවලින් තුවාල සිදුකර තිබේ.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයේ බූස්ස බන්ධනාගාර රෝහල වෙත මාරුකර හරිනු ලැබ ඇත.
බන්ධනාගාර අභ්‍යන්තරයේ ඇතිවූ මෙම ගැටුමත් සමග බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.
කෙසේවෙතත් මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart