
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ දිනෙන් දින වර්ධනය වන ජාතිවාදය සහ ආගම්වාදය සම්බන්ධයෙන් තමන් රැස්කර ඇති සංවේදී තොරතුරු ලබාදීමට සහ සාකච්ඡා කිරීමට විධිමත් ආයතනයක් පිහිටුවන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සතුව පවා නොමැති විවිධ තොරතුරු තමන් සතුව ඇති බවයි.
“මේ තොරතුරු මා ළඟ තබාගෙන සිටීමෙන් පලක් නැහැ. මම මේ රජය විශ්වාස කරනවා. ඒ නිසා මේ තොරතුරු රජය විසින් ස්ථාපිත කර තිබෙන ආයතනයකට භාර දෙන්න බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් උන්වහන්සේ පැවසීය.
“රට ජාතිය රැකගැනීමේ වගකීම මහා සංඝරත්නය ලෙස අතීතයේ සිටම අපට තිබුණා. ඒක තමයි අපි පසුගිය කාලයේ ඉටුකළ යුතුකම. ඒ නිසා රට මුහුණ දීමට නියමිත සෑම තීරණාත්මක තත්ත්වයකටම පෙර අපි හැම විටම අදාළ බලධාරීන්ට සහ පාර්ශ්වවලට දැනුම් දී තිබෙනවා. අවාසනාවකට, කිසිවකු අපට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට අපට සැළකුවේ රටේ ජාතිවාදය ඇති කරන්නන් ලෙසයි, ” යැයි ද උන්වහන්සේ පැවසීය.
“අපට වත්මන් රජය කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. මේ රටේ මුල් බැසගෙන වර්ධනය වෙමින් පවතින ජාතිවාදය සහ ආගම්වාදී දේ පරාජය කිරීමට ජනාධිපතිවරයා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කරනවා නම් එම උත්සාහයට කිසිදු අයුරකින් බාධාවක් නොවී අපේ උපරිම සහයෝගය ලබාදිය යුතුයි.”යනුවෙන් ද ඥානසාර හිමියෝ පැවසූහ.
“ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොර පරිසරයක් ගොඩනැගීමට දැන් රටට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවට යන්න කලින් වටිනා අදහස් ටිකක් කිව්වා. තම කතාවේදී ඔහු කියා සිටියේ ජාතිවාදී ක්‍රියාවලට ඉඩ නොදෙන බවයි. අපි මේ සඳහා පූර්ණ ලෙස සහාය දෙනවා. අපේ ජාතිය වසර ගණනාවක් ජාතිවාදයෙන් හා බෙදුම්වාදයෙන් හෙම්බත් වී සිටින්නේ,අපි පසුගිය කාලයේ රටේ ජාතිය, රට, ආගම ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළුණා මිස කිසිම රජයකට විරුද්ධව අපි කාගේවත් කොන්ත්‍රාත්තුවක් අනුව කටයුතු කළේ නැහැ. ” යැයි ඥානසාර හිමියෝ පැවසූහ.
“පසුගිය ආණ්ඩු සමයේදී අදාළ බලධාරීන් මෙම ගැටලුවල වැදගත්කම පිළිබඳ දැනුවත්ව ඉතා සැළකිල්ලෙන් ඒවා ලේඛනගත කළද නිසි පියවර ගැනීමට ඔවුන් අපොහොසත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි ඛේදනීය සිදුවීම් වුණේ. එවැනි සිදුවීම් වැළැක්වීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ” යනුවෙන් ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart