
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික බැංකු හතරක නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට හේතු වූ විමර්ශනයකට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින්, බැංකු ගිණුම් 89ක් භාවිත කරමින් ගනුදෙනු 10,151ක් ඔස්සේ රුපියල් බිලියන 74ක මුදලක් විදේශයන් වෙත මාරුකර ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැති ජයතිස්ස කියාසිටියේ, ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් 2026 ජනවාරි මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
විමර්ශකයන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර බැංකු ගිණුම් 210කට අදාළ තොරතුරු පරීක්ෂා කිරීම සඳහා අධිකරණ අනුමැතිය ලබාගෙන ඇත.
අමාත්‍යවරයාට අනුව, මෙම විමර්ශනයේ කොටසක් ලෙස ජූනි 19 වන දින මීගමුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම සඳහා ප්‍රථමයෙන් දින හතක කාලයක් රඳවාගෙන තිබේ. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
“ගිණුම් 89ක් ඔස්සේ අවස්ථා 10,151කදී මුදල් මාරුකර තියෙනවා. රටින් පිටතට මාරුකර ඇති මුදලේ මුළු වටිනාකම රුපියල් බිලියන 74ක්,” යැයි ඇමැති ජයතිස්ස පැවසීය.
මෙම වැඩිදුර විමර්ශන හේතුවෙන් පෞද්ගලික බැංකු හතරකට අනුයුක්ත කළමනාකරුවන් සහ විධායක නිලධාරීන් ඇතුළු නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ඔහු කියාසිටියේය.
විමර්ශනයට ලක්ව ඇති මෙම ගනුදෙනු විදුලි පණිවුඩ හුවමාරු (Telegraphic Transfers) මාර්ගයෙන් සිදුකර ඇති අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් විශාල වශයෙන් විදේශ විනිමය විදේශයන් වෙත මාරුකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරනු ලබන පුළුල් විමර්ශනයක් අතරතුර මෙම අලුත්ම තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම විමර්ශනය මීට පෙර අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහොමඩ් නමැත්තා වටා කේන්ද්‍රගත වී ඇත.
ජෙෆ්රි මොහොමඩ් විසින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන බව පවසමින් සමාගම් 36ක් පමණ පිහිටුවා ඇති අතර, එම සමාගම්වලට සම්බන්ධ ගිණුම් විවෘත කිරීම සඳහා පෞද්ගලික බැංකු හතරකට පිවිස ඇති බව විමර්ශකයින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
ආනයනික භාණ්ඩ සඳහා ගෙවීම් ලෙස පවසමින් විදේශයන් වෙත මුදල් යවා තිබුණ ද, ඊට අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කර නොමැති බවට විමර්ශකයෝ චෝදනා කළහ.
අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් සිව්දෙනා ජෙෆ්රි මොහොමඩ් පෞද්ගලිකව මුණගැසී බැංකු ගනුදෙනු සඳහා සහාය වී ඇති බවත්, එම හමුවීම් සෑම සිකුරාදා දිනකම පාහේ සිදුව ඇති බවත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණයේදී වැඩිදුරටත් චෝදනා කළේය.
සැකකාර නිලධාරීන්ට විවිධ අවස්ථාවලදී සතියකට රුපියල් 30,000 සිට 100,000 දක්වා මුදල් ලැබී ඇති අතර, එක් නිලධාරියකුට එක් අවස්ථාවකදී රුපියල් මිලියනයකට ආසන්න මුදලක් ලැබී ඇති බවට විමර්ශකයෝ අනාවරණය කළහ.
එමෙන්ම මෙම ගනුදෙනුවලට සම්බන්ධ සමාගම් සඳහා ගිණුම් විවෘත කිරීමට පහසුකම් සැලසීමේදී අදාළ නිලධාරීන් සිදුකළ යුතු පරීක්ෂාවන් සිදුකිරීමට අපොහොසත් වී ඇති බව ද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව චෝදනා කළේය.
ඇමැති ජයතිස්ස විසින් අනාවරණය කරන ලද රුපියල් බිලියන 74ක මුදල, ගිණුම් 89ක් ඔස්සේ දැනට හඳුනාගෙන ඇති ගනුදෙනු 10,151ට අදාළ වේ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් 89කින් යුත් විශාල කණ්ඩායමක් ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර්වලින් රුපියල් බිලියන 190කට වැඩි මුදලක් විදේශයන් වෙත මාරුකර ඇති බවට මීට පෙර අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කර තිබිණි.
විමර්ශකයින් එම සමාගම් අතුරින් 36ක් කෙරෙහි අවධානය යොමුකර තිබූ අතර, ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ඇතුළු නොවී ගනුදෙනු 10,151ක් හරහා රුපියල් බිලියන 75ක පමණ මුදලක් මීට පෙර මාරුකර ඇති බවට චෝදනා එල්ල වී තිබණි.
මෙම පුළුල් විමර්ශනය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ පැවැති සබඳතා පිළිබඳව ද පරීක්ෂා කර ඇති අතර, මත්ද්‍රව්‍ය ආශ්රිත ක්‍රියාකාරකම් මගින් උපයාගත් මුදල් මෙම මූල්‍ය ජාලය ඔස්සේ හුවමාරු කරගෙන ඇති බවට විමර්ශකයෝ චෝදනා කරති.
අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඇතැම් සැකකරුවන් කනිෂ්ඨ මට්ටමේ සේවකයන් බවත් ඔවුන්ගේ රාජකාරි පාරිභෝගික තොරතුරු ලබාගැනීමට සහ බැංකු පටිපාටි පාලනයට පමණක් සීමා වී තිබූ බවත් තර්ක කළහ.
සමාගම් විසින් සැබවින්ම භාණ්ඩ ආනයනය කර තිබේද යන්න සහ අනෙකුත් නියාමන අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කර තිබේද යන්න තහවුරු කිරීම කනිෂ්ඨ නිලධාරීන්ගේ වගකීම්වලින් බැහැරවූවක් බව විත්තියේ නීතිඥවරු තර්ක කළහ.
ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ අතර සැකකරුවන් සිව්දෙනා අගෝස්තු 20 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart