
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෙවී ගිය 2023 වසරේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් පහළොස් කෝටි විසිතුන් ලක්ෂයකට වැඩි මුදලක් අගතියට පත් පාර්ශවවලට වන්දි වශයෙන් ගෙවන ලෙස මෙරට ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් 20 දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මෙම කෝටි 15කට වැඩි වන්දි මුදල නියම කර ඇත්තේ, ප්‍රකට නඩු 08ක් විභාග කිරීමෙන් අනතුරුවය.
පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම 20 දෙනා අතරට අයත්ය.
මෙම කෝටි 15ක වන්දි මුදලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව සිදුකළ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශවවලට රුපියල් තිස් දෙලක්ෂ පනස්දහසක් (32,50,000) වන්දි ලෙස නියම කර ඇත.
පොලිස් නිලධාරීන් පෞද්ගලික වන්දි ගෙවිය යුතු බවට කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව වැඩිම වන්දියක් ගෙවන ලෙස නියම වූයේ හිටපු පොලිස්පතිවරයකුවන පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටයි.
පාස්කු ප්‍රහාර නඩුවේදී මෙම දෙදෙනා ගෙවිය යුතු බවට නියම වූ වන්දිය රුපියල් කෝටි 15කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart