January 31, 2026

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද මිල අඩු වනු ඇත.

කෙසේවෙතත් ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.