
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම මහා භාණ්ඩාගාරය භාරගත් බවත් එසේ වගකීම් ආවරණයේදී මේ වර්ෂයේ ජනවාරි සහ ජූනි මාසය තුළදී සියයට 25 බැඟින් බදු පැනවීමක් සිදු කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.
මුදල් පනත යටතේ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
“ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ වගකීම් සියල්ල භාණ්ඩාගාරය භාර ගත්තා. වගකීම් ආවරණය කිරීම සඳහා ජනවාරි මාසයේදී රුපියල් 25ක බද්දක් පැනවූවා. අපේක්ෂිත මුදල ආවරණය කරගත නොහැකි වූ නිසා ජූනි මාසයේදී තවත් සියයට 25ක බද්දක් පැනවූවා.
විදේශ ප්‍රේෂණවල වර්ධනය බොහෝ ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය සතුටුදායක කරුණක්. කර්මාන්ත සඳහා භාවිත කරන ස්ප්‍රීතු ළඟ තබාගත හැකි ප්‍රමාණය වැඩි කළා. සුරාබදු ආඥා පනත යටතේ මත්වතුර සඳහා වූ බද්ද සියයට 20කින් වැඩි කළා. රටක උද්ධමනයක් ඇති විට එහිදී පාලනය කළ යුතු දේවල බදු ඉහළ නැංවිය යුතුයි. එය ලෝකයම පිළිගත් දෙයක්. රජයක් විදියට මත්වතුර ප්‍රවර්ධනය කළ නොහැකියි. නීත්‍යනුකූල නොවන මත්වතුර වෙළෙඳපොළට පැමිණීම පාලනය කළ යුතුයි. මත්වතුර හා දුම්වැටිවල බදු මුදල් වැඩි කළා. සිගරට් බද්ද සියයට 20කින් වැඩිකළා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart