
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් ඉදිරියටත් මේ මට්ටමින්ම පැවතුණහොත්, එහි වාසිය එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට ජනතාවට ලබාදීමට රජයට හැකි වනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
වත්මන් ඉන්ධන මිල සූත්‍රය සහ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉන්ධන අලෙවියෙන් ලාභ ලැබීමේ කිසිදු බලාපොරොත්තුවක් හෝ චේතනාවක් රජයට නොමැති බවයි.
ජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා රජය මේ වන විටත් ඩීසල් ලීටරයකින් රුපියල් 100ක පමණ සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක පමණ සහනයක් (සහනාධාරයක්) ජනතාවට ලබාදෙමින් සිටින බවද අමාත්‍යවරයා ඳහන් කරයි.
සාමාන්‍ය වෙළෙඳපොළකින් භාණ්ඩ මිලදී ගන්නවාක් මෙන් ඉන්ධන කඩිනමින් මිලදී ගත නොහැකි බව පෙන්වාදෙන අමාත්‍ය රත්නායක, ඉන්ධන ප්‍රසම්පාදනය කළ යුත්තේ පූර්වයෙන් එකඟ වූ මිල ගණන් යටතේ, විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් බව වැඩිදුරටත් පැහැදිලි කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart