May 15, 2025

ඉන්ධන තොගයක් රැගත් ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් පසු අතුරුදහන් වී ඇති ඉන්ධන ලීටර් 13,000ක් අතුරින් කොටසක් ඉහළ කොත්මලේ ජලාශයට කාන්දුවී ඇති බව වාර්තා වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරියකු උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, බවුසරයේ ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000 ක් ප්‍රවාහනය කරමින් සිටි බවත්, ඉන් ලීටර් 13,000 ක් අතුරුදහන් වී ඇති බවත්ය.

බවුසරය පෙට්‍රල් ලීටර් 13,800 ක් සහ ඩීසල් ලීටර් 13,200ක් කොළොන්නාව සිට වැලිමඩ දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුවිය.

කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරීන් වෙනත් බවුසර් වාහන භාවිත කරමින් අනතුරට ලක් වූ බවුසරයෙන් ඉතිරි ඉන්ධන ඉවත් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, අනතුරට ලක් වූ ස්ථානයට පහළින් තේ වතු කිහිපයක වතු කම්කරුවන් පානය කිරීම සඳහා භාවිතා කරන ජල මූලාශ්‍රවලට ඉන්ධනවලින් කොටසක් කාන්දුවී ඇති බවට විශ්වාස කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා නියෝග කර තිබේ.