
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
35 වැනි ඉල් මහවිරු සමරුවට පෙරාතුව, නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇති ජනතා විමුක්ති පෙරමුණේ දිවිපිදූවන්ගේ විරු සමරුවට පෙර, සමාජවාදී පරිවර්තන අරගලයේදී ජීවිත අහිමි වූ රෝහණ විජේවීර ඇතුළු පිරිසට උපහාර දක්වමින්, එකල “රාජ්‍ය ත්‍රස්තවාදය” භාවිත කරමින් සිදුකරන ලද පැහැරගැනීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ නීතිවිරෝධී ඝාතන පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව පෙරටුගාමීහු සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ 1988-89 දකුණේ කැරලිවලට පමණක් සීමා නොවූ අතර, උතුරේ සිවිල් ගැටුම් සමයේදී ද එය පුළුල් ලෙස පැතිර ගිය බව පෙරටුගාමීහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
කොමිෂන් සභා සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය හරහා පසුගිය ආණ්ඩු විවිධ පියවර ගෙන ඇති නමුත්, මෙම අපරාධ සම්බන්ධයෙන් ඒවායින් යුක්තිය ඉටුනොවූ බවද ඔවුහු පෙන්වාදෙති.
දැන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායකයා ජනාධිපති ධූරයට පත්ව ඇති බැවින්, රෝහණ විජේවීර ඇතුළු මරණ සහ අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් හෙළිදරව් කරමින් පුළුල් පරීක්ෂණයකට ප්‍රමුඛත්වය දෙන ලෙස පෙරටුගාමීහු ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart