
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවිධ හේතුන් මත මාස හයකට පමණ ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර දිවෙන මගී යාත්‍රා සේවාව වන ”චෙරියපානි” (Cheriyapani) අධිවේගී යාත්‍රාව හෙට (10) සිට ක්‍රියාත්මක වන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව යාත්‍රා කිරීමට ප්‍රථම එහි පළමු සහ එකම අත්හදා බැලීම ඊයේ පෙරවරු 9.30ට පමණ පවත්වා තිබේ.
මෙම මගී යාත්‍රාව හෙට දහවල් 12.30ට නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරායට සේන්දුවීමට නියමිතය.
ප්‍රථම මංගල චාරිකාව සඳහා මගීන් 50කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බවත්, යාත්‍රාව එදිනම පස්වරු 4.00ට නාගපට්නම් බලා යාත්‍රා කිරීමට නියමිත බවත්, වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6 වූ අධිවේගී ”චෙරියපානි” යාත්‍රාවෙන් මගින් 150ක් රැගෙන යෑමට හැකියාව ඇත.
නාගපට්නම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය හතරක පමණ කාලයක් ගතවන අතර, එක අයකුට එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750 ක්ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500 ක්ද අයකරනු ලැබේ.
එමෙන්ම එක් මගියෙකුට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවාව ප්‍රකාශ කරයි.
මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලංකාවේ සමාගමක් වන “ආශා නියෝජිත පෞද්ගලික සමාගම” (Asha Agency Ltd ) විසින් සිදුකරනු ලබන අතර, යාපනය නගරයේ ගමන් ප්‍රවේශපත් අලෙවි නියෝජිතයෙක් පත්කර ඇති බව සමාගම පවසයි.
මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450ක වියදමකින් නවීන පහසුකම් වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර ඇත.
මෙම පර්යන්තයේ ආගමන විගමන රේගු ,සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.
ඉන්දීය වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර දීර්ඝ වශයෙන් කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට හැකි වූ බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart