
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලවතුගොඩ, මාදිවෙල -කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් මෙම මස 8 වැනිදා වනවිට ඉවත්කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය එම කඩහිමියන් වෙත දන්වා තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වීම සඳහා එම කඩහිමියන් කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ, මෙම කඩ ඉවත්කරන ලෙස දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියකින් බවයි.
මෙලෙස ඉවත්කිරීමට හේතුවක් නොදැන්වූ බව කඩහිමියෝ පවසති.
සිය ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ඉවත්කර ගැනීමට සූදානම් නැති බවත් එලෙස ඉවත් කළහොත් තම ජීවන මාර්ගය නැතිවන බවත් කිඹුලාවල ස්‍රීට්‍රීට් ෆුඩ් කඩ සංගමයේ සභාපති සිසිර දිසානායක පැවැසීය.
“08 වෙනිදා අපට අයින් වෙන්න කියලා තියෙනවා. නාමල් , මධුර මන්ත්‍රීවරුන් අපට මේක පිළිවෙළකට කරගෙන යන්න කිව්වා. ස්ට්‍රීට් ෆුඩ් මෙහෙම තමයි. අපි මෙච්චර පිරිසිදුව කළත් අපිව අයින් කරන්න හදන්නේ. RDA එකෙන් තමයි මේක කළේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මුදලක් අයකරලා අපට මේක ලස්සනට කරගෙන යන්න දෙන්න. විදේශිකයන් මෙතන ඉන්නවා. රජය මෙහෙම කරන්න එපා. විධිමත්ව කරන්න දෙන්න. ෆොරිනස්ලා එකපාරට එන්නේ මෙතනට. ලියුම දුන්නේ RDA එකෙන්. තුන්වෙනි වතාවට තමයි මේ කියන්නේ. හේතුවක් කියන්නේ නෑ ඉහළින් ආවා කියනවා. 08 වෙනිදා අයින් වෙන්නේ නෑ මරාගෙන මැරෙනවා. ජනාධිපති හැම තිස්සෙම කියනවා නයිට් ලයිෆ් එකක් අතිකරන්න කියලා. ජනාධිපතිවරයා ඇස් ඇරලා බලන්න. කඩ 27ක් විතර ඉන්නවා” යැයි ඔහු පැවසීය.
සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර අලෙවිසැල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙහි අලෙවිසැල් ගණනාවකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දිනෙක නීතිමය පියවර ද ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart