
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සියලු විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට මුදාහැරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම නිවේදනයට අනුව තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන්ට 18 වැනිදා සිට මුදල් ලබාගත හැකිය.
විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර්කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙසපසුගියදා උපදෙස් ලබාදෙනු ලැබීය.
සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර්කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර නොතිබිණි.
පසුගිය 14 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත.
ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම දීමනාව අද (16) සිට ගෙවීමට කටයුතු කරනු ඇත.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබාගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමිකයන්ට 18දා සිට මෙම දීමනාව ලබාගැනීමට හැකියාව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart