
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ වරාය දක්වා අධිවේගී මගී යාත්‍රාව ඔක්තෝබර් මස මුල් සතියේදී ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය පොදු වැඩ පිළිබඳ ඇමැති ඊ.වී. වේලු ඊයේ ( 20 ) පැවැති නාගපට්ටිනම් වරායේ කැණීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.
ඔහු එහිදී සඳහන් කර සිටියේ, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ වරාය දක්වා නාවික සැතපුම් 60ක දුර ප්‍රමාණයක් ඇති බවත්, එම ගමනාන්තය සඳහා පැය දෙකක කාලයක් ගතවන බවත්, එකවර යාත්‍රාවේහි මගීන් 150කට ආසන්න පිරිසක් ගමන් කළ හැකි බවත්ය.
මෙහි කටයුතු පිළිබඳ සමාලෝචන රැස්වීමක් ද ඇමතිවරයා විසින් පවත්වා ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කර ඇත.
නාගපට්ටිනම් වරායේ මගී පර්යන්තය ඉදිකෙරෙමින් පවතින අතර තොටුපළ සේවාව ආරම්භ කිරීමට පෙර එම කටයුතු අවසන් කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart