
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ගැබ් ගත් බවට කුවේට් ජාතිකයකු රවටා නීති විරෝධී ලෙස එරට පුරවැසිභාවය ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාවගේ එම වංචාව වසර 33කට පසු අනාවරණ වී තිබේ.
මෙම සිද්ධිය මගින් කුවේටයේ අනන්‍යතා සහ ජාතිකත්වය පිරිනැමීමේ පද්ධතිවල පවතින ප්‍රධාන දුර්වලතා හෙළිදරව් කරයි.
DNA පරීක්ෂණයෙන් දරුවා කාන්තාවට හෝ ඇගේ පියා ලෙස නම් කර ඇති පුරුෂයාට ජීව විද්‍යාත්මකව සම්බන්ධ නැති බව තහවුරු වීමෙන් පසුව, කාන්තාවගේ යැයි කියනු ලබන දියණියගේ පුරවැසිභාවය අවලංගු වී තිබේ.
කොස්තා නම් මෙම කාන්තාව ප්‍රථම වරට 1992 දී ගෘහ සේවක වීසා බලපත්‍රයක් මත කුවේටයට පැමිණ තිබේ.
වසර දෙකකට පසු, පලායෑම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනු කරන ලද නඩුවකින් ඇය පිටුවහල් කර ඇත.
කෙසේවෙතත්, 1996 දී, ඇය නව නමක් සහ විදේශ ගමන් බලපත්‍රයක් යටතේ නැවත කුවේටයට පැමිණ තිබේ.
ඒ වන විට ජෛවමිතික පරීක්ෂණ නොතිබූ බැවින්, ඇයට ආගමන විගමන කවුළුව හරහා යෑමට හැකි වී ඇත.
ආපසු පැමිණීමෙන් ටික කලකට පසු, කොස්තා කුවේට් කුලී රථ රියදුරකු සමඟ විවාහ වී තිබේ.
කුවේට් ජාතිකත්ව නීතියේ 8 වැනි වගන්තිය යටතේ, විදේශීය කාන්තාවකට කුවේට් පුරුෂයකු සමඟ විවාහ වී ඔහුගෙන් දරුවකු සිටී නම් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකිය.
කොස්තා මෙම විධිවිධානය භාවිත කර පුරවැසිභාවය ලබාගෙන ඇත.
නීතිය අවභාවිත කිරීම සඳහා, කොස්තා තම සැමියාට ඒත්තු ගන්වා ඇත්තේ ඇය ඔහුගෙන් ගැබ්ගෙන ඇති බවයි.
එහෙත් සිදුව ඇත්තේ ඇය සැබවින්ම ගැබ්ගෙන සිටි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සමග එක් වී තම සිවිල් හැඳුනුම්පත ලබා දී කුවේට් රෝහලකදී දරුවා ප්‍රසූත කිරීමට කටයුතු යෙදීමයි.
අලුත උපන් දැරිය ඇගේ සහ කුවේට් සැමියාගේ දියණිය ලෙස ව්‍යාජ තොරතුරු දී ලියාපදිංචි කර ඇත.
සැමියා වංචාව ගැන නොදැන සිටියද, දෙදෙනාට දරුවා සම්බන්ධයෙන් කිසිදු ජීව විද්‍යාත්මක සම්බන්ධයක් තිබී නැත.
2000 දී, කොස්තා විවාහය සහ මාතෘත්වය මත පදනම්ව ඇගේ කුවේට් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර තිබිණි.
ඇගේ අයදුම්පත අනුමත කරන ලද අතර, ඇය නිල වශයෙන් කුවේට් ජාතිකයකු බවට පත්විය.
2008 දී, වසර ගණනාවක විවාහ ගැටළුවලින් පසු කොස්තා තම සැමියාගෙන් දික්කසාද වූ අතර දරුවා ඔහුගේ නොවන බව ද පිළිගෙන තිබේ.
ඔහු ඒ ගැන බලධාරීන්ට වාර්තා කළද, ඒ වන විට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි.
2021 වන තෙක් ඔහු විධිමත් පැමිණිල්ලක් ද ගොනු කර නොතිබිණි.
පසුව එරට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වන ලදී.
DNA පරීක්ෂණයෙන් තහවුරු වූයේ දරුවා කොස්තාට හෝ ඇගේ හිටපු සැමියාට ජීව විද්‍යාත්මකව සම්බන්ධ නැති බවයි.
2024 දී, පුරවැසි කටයුතු සඳහා වූ උත්තරීතර කමිටුව තීන්දු කළේ කොස්තා වංචාව, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ අනුකරණය කිරීම මගින් වංචනික ලෙස කුවේට් ජාතිකත්වය ලබාගෙන ඇති බවයි.
ඒ අනුව ඇගේ පුරවැසිභාවය අවලංගු කරන ලදී.
වැඩි කල් නොගොස්, දැන් වැඩිහිටියකු බවට පත්ව සිටි ඇගේ දියණියගේ පුරවැසිභාවය ද අවලංගු කරන ලදී.
පසුව බලධාරීන් දැරියගේ ජීව විද්‍යාත්මක මව දරු ප්‍රසූතියේදී කුවේටයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස හඳුනා ගත් අතර ඇයව ද පිටුවහල් කරන ලදී.
දියණියට දැන් ශ්‍රී ලාංකික හැඳුනුම්පතක් නිකුත් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart