
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා ප්‍රංශයේ පොලිස් වෙඩි තැබීමකින් නහෙල් නමැති තරුණයකු මිය යෑමත් සමඟ, ඊට විරෝධය පළකරමින් දින පහක් පුරා පැවැත්වූ ප්රචණ්ඩ විරෝධතා සහ කැරලි අවසන් වන බව දක්නට ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, වීදිවල පොලිස් භට පිරිස් තවදුරටත් රඳවා තබන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
ප්රචණ්ඩත්වය පහව යෑම ගැන තමා සතුටු වන නමුත්, මෙම තත්වය අවුලුවාලූ සිද්ධිය සහ යුක්තියේ අඛණ්ඩ අවශ්‍යතාවය නොසළකා හැරිය යුතු නැති බව නහෙල් උපන් නගරයේ නගරාධිපති පැට්රික් ජෙරී සඳහන් කරයි.
මේ අතර, වින්සන්ට් ජීන්බර්ග් නම් නගරාධිපතිවරයාගේ නිවසට කැරලිකරුවන් පහර දී ඇති අතර, නිවැසියන් පළායන අවස්ථාවේදී එල්ල කළ ප්‍රහාර වලින් නගරාධිපතිවරයාගේ බිරිඳට සහ එක් දරුවකුට තුවාල සිදුවී ඇත. එමෙන්ම එම සිද්ධිය මිනීමැරීමට තැත්කිරීමක් ලෙස සැලකේ.
දින හයක කැරලි කෝලාහල හේතුවෙන් පැරිස් කලාපයේ පොදු ප්‍රවාහනයට යුරෝ මිලියන ගණනක හානියක් සිදුව ඇති බව Ile-de-France ප්‍රවාහන ජාලය සඳහන් කරයි.
රාත්‍රී තුනක් තුළ නිලධාරීන් 45,000ක් පමණ රට පුරා යොදවා ඇති අතර, ඉරිදා රාත්‍රියේ 150කට වැඩි පිරිසක් සහ ඉන් පසුව 700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම කැරලිකරුවන් මෝටර් රථ 297ක් ගිනි තබා ඇති අතර, ගොඩනැගිලි 34කට හානි කිරීම් හෝ ගිනි තබා තිබේ.
ඝාතනය කරන ලද නහෙල්ගේ පවුලේ අය ප්රචණ්ඩත්වය අවසන් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
නහෙල්ගේ මරණය නිදහසට කරුණක් ලෙස භාවිතා කළ බවට ඔහුගේ මිත්තණිය කැරලිකරුවන්ට චෝදනා කළ අතර, පොදු භාණ්ඩ විනාශ කිරීම නතර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.
පැරිසියේ හෝටල් වෙන් කිරීම් වලින් සියයට 25ක් දක්වා දැනටමත් අවලංගු කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart