
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමති ෆවුසිගෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක්. රුපියල් මිලියන 6.6ක වන්දියක් සහ පුවත්පත්වල ප්‍රසිද්ධ සමාව ඉල්ලීමට නියෝග
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබා දී තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම හේතුවෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6.6ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස අධිකරණය නියෝග කළ අතර, ඉන් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළත ද, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ද ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.
මීට අමතරව, අදාළ වාහනයේ ඡායාරූපයක්ද සමඟින්, සිළුමිණ, සන්ඩේ ඔබ්සර්ව සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවල අඩක ප්‍රමාණයේ සමාව අයැදීමේ දැන්වීමක් මාසයක් තුළ පළ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දු ලබා දී තිබේ.
ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart