
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරයේ වාහන තදබදය අවම කරමින් මහජන ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ආවරණය වන පරිදි නව මෙට්‍රෝ බස්රථ 112කින් යුත් සමූහයක් අද දින (29) නිල වශයෙන් ධාවනයට එක්කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රෝ බස් ඩිපෝ පරිශ්‍රයේදී මෙම බස්රථ සේවය ආරම්භ කෙරිණි.
මෙට්‍රෝ සේවය සඳහා රජය රුපියල් බිලියන 7.5ක ආයෝජනයක් සිදුකර ඇති අතර, ඊට අදාළ මූලික අරමුදල් 2025 අයවැය යෝජනා මඟින් වෙන්කර තිබිණි.
අද දින එකතු කළ බස්රථ අතරට ශ්‍රී ලංකාව මිලදී ගත් බස්රථ 104ක් සහ ජපන් රජය ලබාදුන් බස්රථ 8ක් අයත් වේ. කිලෝමීටර් 188.7ක දුර ප්‍රමාණයක් ආවරණය වන ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ මෙම බස් රථ ධාවනය කරනු ඇත.
මෙම වැඩසටහනේ මීළඟ අදියර යටතේ, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් බස්රථ 50ක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.
එම බස් රථ යාපනය, මහනුවර සහ ගාල්ල යන ප්‍රධාන නගර ආවරණය කරමින් අන්තර් නගර සේවා සඳහා යෙදවීමට නියමිතය.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්ස් ආයතනය වෙත බස්රථ 100ක් ලබාදීමට චීන රජය එකඟ වී ඇත.
නගරවල තදබදය පාලනය කිරීම සඳහා නාගරික ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමටත්, පෞද්ගලික අංශය මඟින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමටත් රජය විසින් අපේක්ෂා කරනු ලබයි.
මෙට්‍රෝ බස් මෙහෙයුම් සඳහා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද පද්ධතියක ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙතද ක්‍රමයෙන් පුළුල් කිරීමට නියමිතය.





Adding {{itemName}} to cart
Added {{itemName}} to cart