
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගවරහේනල , හොරංවෙල ඊයේ පස්වරු 6.30ට පමණ සිදුවූ නාය යාමකින් නිවාස දෙකක් සම්පූර්ණයෙන් පස්වලින් යට වී එක් නිවසක සිටි පුද්ගලයින් හතර දෙනෙකුගෙන් යුත් පවුලක මව පියා හා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වූ අතර ඔවුන් ගළවාගැනීම සදහා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ.
මෙම නායයාම හේතුවෙන් තවත් නිවාස හතරකටද දැඩි හානි සිදුව ඇත.
නායයාමට සුලු මොහොතකට පෙර සම්පූර්නයෙන් හානියට පත් එක් නිවසක සිටි පිරිස අනෙක් නිවසේ සිටි පිරිසටද ඉවත් වන මෙන් දැනුම් දී ඉවත්වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වී ඇති අතර ඉවත් වීමට ප්‍රමාද වූ නිවසක සිටි පිරිසක් මෙසේ අතුරුන්ව තිබේ.
රත්නපුර ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ කාර්ය මණ්ඩළයද, යුධ හමුදා සමාජිකයින් ඇතුළු සහන කණ්ඩායම් ඊයේ රාත්‍රියේ සිටම විපතට පත් වූවන් මුදා ගැනීමේ කටයුතුවල නිරතව සිටී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ රත්නපුර දිස්ත්‍රික් භූ විද්‍යාඥ ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පැවසුවේ , නාය යාමට ලක්ව ඇති මෙම ප්‍රදේශය දෙවන මට්ටමේ නාය අවදානම් නිවේදන නිකුත් කර තිබූ ප්‍රදේශයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart