
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ නිල රථය තලංගම ප්රදේශයේදී සිදු වූ අනතුරකට ලක්වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව්දෙනකු රෝහල්ගත කර තිබේ.
පොලිසිය පැවසුවේ සෙනසුරාදා රාත්රියේ පැලවත්ත-අකුරේගොඩ මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම්වරයාගේ මෝටර් රථය ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක ගැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පුද්ගලයන් සිව්දෙනකු සිට ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පසුව අවුරුදු 2 සහ 6 යන වයස් කාණ්ඩයේ පසුවූ දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව වැඩිදුර ප්රතිකාර සඳහා රිජ්වේ ආර්යා රෝහලට මාරුකර යවා තිබේ.
අනතුර සිදුවන විට මෝටර් රථය තුළ සිට ඇත්තේ නන්දික සනත් කුමානායකගේ බිරිඳ සහ රියදුරු පැවැසේ.
රියදුරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
අනතුරට ලක්වූ පවුලට රුපියල් 35,000 ක වන්දියක් ගෙවන ලෙස මහේස්ත්රාත්වරයා රියදුරාට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart