
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව ගනු ලබන ඉදිරි නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සැප්තැම්බර් මස 30 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණයට ප්‍රකාශ කර සිටියේ, මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ඊට අදාළ විමර්ශන ගොනු ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
ඒ අනුව, එම ගොනු අධ්‍යයනය කර නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු දිනයක් ලබාදෙන ලෙස රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස 30 වනදා නැවත කැඳවීමට නියම කළ අතර, එදිනට මෙම නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවසන් තීරණය සහ ස්ථාවරය අධිකරණයට දැනුම් දිය යුතු බවට නීතිපතිවරයාට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart