
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානී නිමල් ලෙව්කේ සමගි ජන බලවේගයට එක් වූ බව එම පක්ෂ කාර්යාලය පවසයි.
ඔහු අද පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ, සජබ නායක සජිත් ප්‍රේමදාස වෙතිනි.
ඔහු සමගි ජන බලවේගය සමග එක්වූ ආරක්ෂක අංශයට සම්බන්ධ තුන්වන උසස් නිලධාරියා වේ.
මේ සම්බන්ධයෙන් CeylonWire වෙත අදහස් දැක්වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියා සඳහන් කරන ලද්දේ, තමා දේශපාලන වේදිකාවට පැමිණීම වෙනුවට, වෘත්තිකයෙක් ලෙස සිය දැනුම රටේ උන්නතිය වෙනුවෙන් බෙදාගැනීම සඳහා මෙම තීරණයට එළැඹි බවයි.
නව පිරිස් පක්ෂයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් පක්‍ෂයේ ඇතැමුන් විවේචන එල්ල කළද, සජබ නායකත්වය නවකයන් සාදරයෙන් පිළිගනු දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart