
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන කරළියේ කොයිතරම් උණුසුම් තත්ත්වයන් තිබුණත්, කලාව රසවිඳින්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමතක කරලා නැහැ. කලාවට, පොතපතට වගේම සිතුවම්වලටත් රනිල් ලැදිකමක් දක්වන කෙනෙක් කියලා කවුරුත් දන්නවනේ.
ඔන්න ඊයේ දවසේ රනිල්ව කොළඹ පැත්තේ තියෙන ප්‍රසිද්ධ ආර්ට් ගැලරියකින් දැකගන්න ලැබුණා. ඒ, ප්‍රවීණ කලාකරු කලාසූරි එස්.එච්. සරත් සංවිධානය කරපු Changes & Traditions සිතුවම් ප්‍රදර්ශනය බලන්න රනිල් එකතු වෙච්ච වෙලාවේ.
එතනට ආපු හිටපු ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරලා තිබුණු සිතුවම් එකින් එක හරිම ආසාවෙන් නරඹනවා වගේම, ඒවායේ තියෙන කලාත්මක වටිනාකම් ගැන එස්.එච්. සරත් එක්කත්, එතනට ආපු අනෙක් පිරිස එක්කත් හිනාවෙලා බොහොම සුහදව දීර්ඝ වෙලාවක් කතාබස් කරමින් ඉන්නවා දැකගන්න ලැබුණා.
දේශපාලන කාර්යබහුලත්වයෙන් මිදිලා, හිත නිදහස් කරගන්න රනිල් තෝරාගත්ත අපූරු සන්ධ්‍යාවක ඡායාරූප පෙළක් මේ වෙනකොට සමාජ මාධ්‍යවලත් හුවමාරු වෙමින් පවතිනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart