
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමේ අලුත්ම පියවර පිටුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින බව වාර්තා වන නමුත් වත්මන් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට නොහැකි වීම නිසා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු කථානායක කරු ජයසූරියගේ නායකත්වයෙන් යුත් සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය සමග හිටපු ජනාධිපතිනිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සහ එහි බලතල පාර්ලිමේන්තුවට පැවරීම සඳහා සංවාදයක් ආරම්භ කිරීමට රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනකු සමග සාකච්ඡා කර ඇති බව Daily Mirror වාර්තා කරයි.
එය ව්‍යවස්ථා සංශෝධනවලට මුවා වී ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් ලෙසයි බොහෝදෙනා දැක තිබේ.
චන්ද්‍රිකා කුමාරතුංග 1994 දී ප්‍රථම වතාවට ජනාධිපති ධුරයට පත් වූ විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබාදුන්නාය.
එතැන් සිට අනුප්‍රාප්තික නායකයන් එය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී සිදුකරන බවට පොරොන්දු වූ නමුත් බලයට පත්වීමෙන් පසු කිසිවක් ඉටු නොවීය.
මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වී ඇත.
කෙසේවෙතත්, ජාතික ජන බලවේගය පවසන්නේ, මැතිවරණයක් සූදානමින් තිබියදී කඩිමුඩියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් විරුද්ධ බවයි.
“මෙය මැතිවරණ කල් දැමීමේ තවත් උපක්‍රමයක් පමණයි. අපි ජනාධිපතිවරණය දිනුවොත් එය අහෝසි කරනවා. ඊට පෙර වත්මන් පාර්ලිමේන්තුව තුළ එය කිරීමට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක්” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart