October 13, 2025

හිටපු යතු­රු­පැදි ධාවන ශූර­යකු කළු­තර පළා­තොට ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යන ව්‍යාපා­රික ස්ථාන­යේදී ඝාත­නය කිරීම සඳහා පැමිණි වෙඩි­ක්ක­රු­වන් එම පුද්ග­ලයා යැයි සිතා වෙනත් පුද්ග­ල­ය­කුට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කර පළාගොස් ඇතැයි කළු­තර දකුණ පොලී­සිය පව­සයි.

එම අව­ස්ථාවේ දී වෙඩි­ක්ක­රු­වන් ඉලක්ක කළ පුද්ග­ල­යාට හෝ එම ස්ථානයේ සිටි වෙනත් කිසි­ව­කු­ටත් තුවාල සිදුවී නොමැති බව පොලී­සිය කීය.

එම වෙඩි ප්‍රහා­රය එල්ල කළද ගිනිඅවිය ක්‍රියා­ත්මක නොවීම හේතු­වෙන් යථා තත්ත්ව­යට පත්වීමේ දී එම ස්ථානයේ ජීව­උණ්ඩ දෙකක් වැටී ඇති අතර වෙඩි­ක්කරු ඉදි­රි­යට දිවගොස් නැවත පැමිණ වහ­ල­යට සහ බිත්ති­යට වෙඩි ප්‍රහාර එල්ල කර කරා පළාගොස් තිබූ බව පොලී­සිය කියයි. එම ප්‍රහා­ර­ව­ලින් එම ස්ථානය වැටී තිබූ හිස්ප­ත­රොම් කොපු තුනක්ද පොලිස් භාර­යට ගෙන ඇත.

හිටපු යතු­රු­පැදි ධාවන ශූරයා ඊට විනාඩි දෙක තුන­කට පමණ ඉහත දී දරුවා අම­තර පන්ති­යෙන් රැගෙන ඒම සඳහා ඔහුගේ ව්‍යාපා­රික ස්ථාන­යෙන් පිට­තට ගොස් තිබූ බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. මිලි­මී­ටර් 9 වර්ගයේ ගිනි අවි­ය­කින් එම වෙඩි ප්‍රහා­රය එල්ල කර ඇතැයි පොලී­සිය කියයි. යතුරුපැදි­ය­කින් කළු­තර දෙස සිට පැමිණි දෙදෙ­නකු ශ්‍රියන්ත කියන්නේ ඔයාද යනු­වෙන් එහි සිටි සේව­ක­ය­කු­ගෙන් විමසා ඇති අතර ශ්‍රියන්ත අයියා එළි­යට ගියා යනු­වෙන් පව­ස­න­වාත් සම­ඟම වෙඩි ප්‍රහා­රය එල්ල කර, ඔවුන් ඒ දෙස­ටම පළාගොස් ඇති බව පොලී­සිය සඳ­හන් කරයි.

වසර කිහිප­යක සිට පොලී­සි­යට වසන්ව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන කළු­තර නවීන් නමැත්තා විසින් මෙම වෙඩි­තැ­බීම මෙහෙ­යවා ඇතැයි පොලී­සිය කියයි.

සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කරු විසින් එදින රාත්‍රී අටට පමණ හිටපු යතු­රු­පැදි ධාවන ශූර­යාගේ ජංගම දුර­ක­ත­න­යට තර්ජ­නා­ත්මක වට්සැප් පණි­වි­ඩ­යක් ද ඒවා ඇති අතර අනිත් සැරේ බිත්ති­ව­ල­ටයි, වහ­ල­ටයි වෙඩි තියන්නේ නෑ. උඹලා දෙන්නම සූදා­නම් වෙයන් යනු­වෙන් තර්ජ­නා­ත්මක පණි­වි­ඩ­යක් ඒවා ඇති බව ද උසස් පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

එම සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කරු විසින් හිටපු යතු­රු­පැදි ධාවන ශූර­යාගේ පියා­ගෙන් රුපි­යල් ලක්ෂ පන­හක කප්පම් මුද­ලක් ඉල්ලා නොදීම හේතු­වෙන් මීට පෙරද අවස්ථා කිහි­ප­ය­කදී මර­ණීය තර්ජ­නය කර තිබූ අතර ඒ හේතුව මත කළු­තර උතුර, වස්ක­ඩුව ප්‍රදේ­ශයේ ඔහුගේ නි‍ෙව­සට පොලිස් ආර­ක්ෂා­ව ද යොදවා තිබූ බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

එම කප්පම් මුදල් නොදීමේ හේතුව මත වරි­න්වර නවීන් නමැ­ත්තා­ගෙන් පිය පුතු දෙදෙ­නා­ටම තර්ජ­නා­ත්මක ඇම­තුම් සහ වට්සැප් මාර්ග­යෙන් විවිධ ඡායා­රූප ද එවා තිබූ බව පොලී­සිය කියයි.

හිටපු යතුරුපැදි ධාවන ශූර­යාගේ පියා ඉකුත් රජයේ ප්‍රබල තන­තු­රක් දැරූ අමා­ත්‍ය­ව­ර­ය­කුට අධි­ක­ර­ණ­යෙන් නියම කළ කෝටි ගණ­නා­වක ඇප­ය­කට අත්සන් කළ පුද්ග­ල­යාද බව පොලී­සිය කියයි.

කළු­තර කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් පරී­ක්ෂණ සිදු­කළ අතර, විශේෂ කාර්ය බළකා සෙබ­ළුන් ද කැඳවා තිබුණි. කළු­තර දකුණ පොලී­සිය පරී­ක්ෂණ පව­ත්වයි.(දිනමිණ)