
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට රෝගාතුරුව පසුවන හිටපු ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය.
ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ කටුගම්පළ පිහිටි නිවසට අද (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු ඇමැතිවරයාගේ සුවදුක් විමසමින් කෙටි කතාබහක නිරත විය.
අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.
හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම යන අය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart