
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද රත්ගමදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් ඔහුගේ සහෝදරයකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
40 හැවිරිදි හිටපු පොලිස් පරීක්ෂකවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය සඳහන් කරයි.
පාතාලයට සම්බන්ධ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැකකෙරේ.
හිටපු පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කාලය තුළ සිදුකළ බව කියන වරදක් සම්බන්ධයෙන් වසර එකහමාරක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි අතර, මීට දින කිහිපයකට පෙර ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
බලපිටිය උසාවියට ගොස් ආපසු එමින් සිටියදී ඔහුගේ නිවස අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් ඔහුට වෙඩි තබා ඇත.
රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart