
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීම සඳහා සැපයුම්කරුට ලබාදී ඇති මුදල් අතර, ඔක්සිජන් මිලදී ගැනීම සඳහා වෙන්කර තිබූ මුදල් රුපියල් මිලියන 14.5ක මුදලක්ද පවතින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඊයේ මාලිගාක්නඩ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දන්වා සිටියාය.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශ සහ අනෙකුත් ලිපි ලේඛනවල අත්සන් සමඟ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සන ගැළපීමටද විනිසුරුවරිය නියම කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිලි විභාගය ඊයේ කැඳවූ අවස්ථාවේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි රෝගී තත්ත්වයක පසුවන බවත්, ඒ හේතුවෙන් ඔහු නොමැතිව නඩුව විභාග ඉදිරයට ගෙනයන ලෙසත් ඉල්ලා සිටින බව බන්ධනාගාර රෝහල් අධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් විය.
නඩුවේ 8 වැනි සැකකරු ලෙස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටෙන බව පවසමින් මෙරටට ඖෂධගෙන ඒම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පියවර ගත්තේ මන්දැයි යන්න සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart