
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් හි ගම්මානයක් හරහා ගලා ගිය ජලකඳක් සහ රොන්මඩ හේතුවෙන් දැනට පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය අතර තවත් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසති.
එම ජලකඳ කඳුකර ප්‍රදේශයකින් එකවර ගම්මානයට කඩාවදින ආකාරය සහ ඒ ඔස්සේ මඩ මිශ්‍ර වී ගම්මානයක් යට කරමින් ගලායන අයුරු දැක්වෙන වීඩියෝ ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.
මෙම අනපේක්ෂිත ව්‍යවසනය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද බලධාරීන් සැක පළකරයි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති පරිදි සුන්බුන් සහ රොන්මඩ යට සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමට තවදුරටත් සහන මෙහෙයුම් ද අඛණ්ඩව ක්‍රියාත්මකය.
ඒ අනුව විපතට පත්ව සිටි 70 දෙනකුගේ දිවිබේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇත.
ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇති පරිදි ජලකඳ සමග මිශ්‍ර වී ගලා ආ රොන්මඩ ධාරාලි ගම්මානය හරහා ගලායෑමෙන් නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා මෙම ජලගැලීම් තත්වය හමුවේ ගම්මානයෙන් අඩක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විපතට පත්වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කළ අතර, සහන මෙහෙයුම් සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසුවේය.
ආපදාවට ලක්ව ඇති ප්‍රදේශය ආසන්න මහාමාර්ග සහ අධිවේගී මාර්ගයක් වසාදමා ඇති අතර පාසල් කිහිපයකට ද නිවාඩු ලබා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart