
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (06) කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
නඩුව විභාග වූයේ නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන් ඉදිරියේය.
විත්තිකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
කෙසේවෙතත්, විත්තිකරුවන්ගෙන් එක් අයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බැවින්, සාක්ෂි විභාගය කල්දැමීමට මහාධිකරණය නියෝග කළේය.
ඒ අනුව, සාක්ෂි විභාගය සඳහා ඊළඟ දිනය සැප්තැම්බර් 11 වන දිනට නියම කර ඇත.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් නවුෆර් මව්ලවි ඇතුළු පුද්ගලයන් 24 දෙනකු චූදිතයන් ලෙස නම්කරමින් නීතිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව ගොනුකළේය.
අධිකරණ නියෝග අනුව සියලුම විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart