
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2007 දී ලිබියාවෙන් මැතිවරණ අරමුදල් රැස් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිගේ වසර පහක සිර දඬුවම හෙට සිට ආරම්භ වීමට නියමිතය.
සිරගෙට යෑමට බිය නොවන බව ඔහු පැවසූවේ යැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ඔක්තෝබර් 21 වැනිදා පැරිසියේ සැන්ටේ බන්ධනාගාරයේ සිරගත කිරීමට නියමිත සාර්කෝසි, තම දඬුවම ආරම්භ වීමට පෙර බෑග් ඇසුරුම් කර ඇති බවත් සන්සුන්ව සිටින බවත් එම වාර්තා පැවසීය.
“මම හිරගෙදරට බය නැහැ. සැන්ටේ ගේට්ටු ඉදිරිපිට පවා මම මගේ හිස ඔසවාගෙන ඉන්නවා,” යැයි සර්කෝසි පැවසුවේය.
තමන් කිසිදු විශේෂ වරප්‍රසාදයක් ඉල්ලා නොසිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.
හිටපු ජනාධිපතිවරයා ලා ට්‍රිබියුන් ඩිමන්චේ පුවත්පතට පැවසුවේ සිරගතව සිටියදී ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ අනුකම්පා කිරීමට අවශ්‍ය නැති බවයි.
සිරගෙදර ගතකරන කාලය තුළ පොතක් ලිවීමට සැලසුම් කරන බව ඔහු පුවත්පත වෙත පැවසීය.
2007 සිට 2012 දක්වා ප්‍රංශය මෙහෙයවූ සාකෝසි, දිවංගත ඒකාධිපති මුවම්මර් ගඩාෆිගේ පාලන සමයේදී ලිබියාවෙන් ඔහුගේ 2007 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා අරමුදල් ලබා ගැනීමට දැරූ උත්සාහයන් සම්බන්ධයෙන් සාපරාධී කුමන්ත්‍රණයකට වැරදිකරු විය.
සාකෝසි සෑම විටම තමා නිර්දෝෂී බව පවසා ඇති අතර ඔහුගේ වරදට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart