
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී (ASP) නෙවිල් සිල්වා අද (24) මාතර මහේස්ත්රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහුට ඇප ලබාදී ඇත.
2023 දෙසැම්බර් 31 වැනි දින මාතර වැලිගම, පැලෑන ප්රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු CCD අධ්යක්ෂවරයා මෙලෙස අධිකරණයට භාර වී තිබිණි.
මාතර මහේස්ත්රාත් අධිකරණය මීට පෙර CCD හි හිටපු නිලධාරීන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඔවුන් නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබිණි.
හිටපු CCD අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මෙම නඩුවේ නවවැනි සැකකරු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart